Latest News

දිස්ත්‍රික්ක 11ක් සඳහා පැනවූ නාය යෑම් රතු නිවේදන දීර්ඝ කරයි

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව, බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

World News

Send your contact Details Today