Latest News

දැනට සිදු වූ නාය යෑම්වල අලුත්ම තොරතුරු මෙතනින් බලන්න

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුල්හිරිය, මොන්රෝවියා වත්තේ සිදු වූ නාය යෑමකින් පුද්ගලයන් 22 දෙදෙනෙක් අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසයි.

එමෙන්ම නුවරඑළිය, පුණ්ඩළුඔය ප්‍රදේශයේ දැවැන්ත නාය යෑමක් සිදුව තිබේ.

නායයෑම සිදුවූ ස්ථානයට හමුදාවේ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම නාය යාම හේතුවෙන් තවත් පිරිසක් විපතට පත්ව ඇති බවත් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.

මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිසිය කියයි.

කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අනතුරකට ලක්ව තිබේ.

ඒ පස් කන්ද ඉවත්කරමින් සිටියදී ඊට ඉහළින් වූ වේල්ලක් නැවත වරක් ගසක් සමඟ මාර්ගයට කඩාවැටීම හේතුවෙනි.

අදාළ දර්ශන පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක ද පටිගත වී තිබුණි.

එම ස්ථානයේ සිටි ලොරි රථ රියදුරෙකු මේ වනවිට අතුරුදන්ව ඇති අතර පස් කන්දට යටවූ එක් සේවකයෙක් මුදාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හැකිව තිබුණි.

World News

Send your contact Details Today