ලෝකප්‍රසිද්ධ Airbus A320 ගුවන් යානා වලට බලපාන Software ගැටලුවක් හේතුවෙන්, Jetstar ඔස්ට්‍රේලියාව පුරා ගුවන් ගමන් ගමන් කිහිපයක් අද අවලංගු කිරීමට සහ ප්‍රමාද කිරීමට කටයුතු කර තිබේ.
Sydney ඇතුළු ප්‍රධාන ගුවන් තොටුපළවල මගීන් දිගු පෝලිම් වල සිටි අතර, බොහෝ මගීන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව සඳහන්.
Airbus විසින් එහි A320 සහ A321 වර්ගයේ ගුවන් යානා විශාල ප්‍රමාණයක් තාවකාලිකව මෙම Software Update කිරීම සඳහා ඉවත් කිරීමට නියම කිරීම මෙලෙස ගුවන් ගමන් අවහිර වීමට හේතු වී තිබේ.
දැඩි සූර්ය විකිරණය මගින් පියාසර පාලන දත්ත විකෘති විය හැකි බවත් ඒ නිසා ලොව පුරා A320/A321 යානා සඳහා මෙම Software Update කිරීම අනිවාර්ය බවත් Airbus සඳහන් කළේය.
එමෙන්ම ඔවුන් පවසන්නේ මෙය ලෝකය පුරා 10,000 කට වැඩි A320 ගුවන් යානා වලට සිදුකළ යුතු බවයි.
ඒ අනුව, Jetstar අද උදෑසන ගුවන් ගමන් කිහිපයක්ම අවලංගු කර ඇති අතර, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් කිරීමට සිදුවූ බවට පැහැදිලි කර තිබේ.
එමෙන්ම අද දහවල් වනවිට ගුවන් ගමන් කිහිපයක් නැවත යතාතත්වයට පත්කර ඇති අතර මගින් පත්වන අපහසුතාවන් වලක්වා ගැනීමටත් ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලදලබා දීමටත් Jetstar පොරොන්දු වී තිබේ.
කෙසේ වෙතත් ගුවන් තොටුපළට යාමට ඔබේ ගමන online පරික්ෂ කර ගැනීම අනිවාර්ය බවත් Jetstar වැඩිදුරටත් කියා සිටියේය.