Latest News

මහ ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අධි අවදානම් නිවේදනයක්

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරි පැය 24 තුළ මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට පසුගිය පැය 24 තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම අනතුරු ඇඟවීම දෙසැම්බර් 1 වන දින උදෑසන 8.30 දක්වා වලංගු වෙයි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

World News

Send your contact Details Today