කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවලින් වහාම ඉවත් වී මධ්‍යස්ථාන කරා යොමු වන ලෙසයි.
එමෙන්ම කළු සහ යාන් ඔයෙහි ජල මට්ටම ද තවදුරටත් ඉහළ මට්ටමකයි පවතින්නේ.
මේ අතර උතුරු පළාතට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය පිහිටි ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඒ අනුව, ඉරණමඩු ජලාශයෙන් නිකුත් වන ජලය හේතුවෙන් විශේෂයෙන්ම ඉයන් කෝවිලඩි, මුරසුමෝට්ටෛ, කන්දාවල, ඌරියන්, පනාන්කන්ඩි සහ කනකරායන් ආරු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස දන්වා තිබේ.
ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ හේතුවෙන් කන්දාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් පවතින බවටයි බලධාරීහු අනතුරු අඟවන්නේ.