Latest News

ගතවූ පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ගැන තොරතුරු

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගතවූ පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ (28) දිනය තුළ මි.මී 431ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයාය මි.මී 277.8ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මි.මී 274ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වනවා.

මේ අතර උතුරු පළාතට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය පිහිටි ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ අනුව, ඉරණමඩු ජලාශයෙන් නිකුත් වන ජලය හේතුවෙන් විශේෂයෙන්ම ඉයන් කෝවිලඩි, මුරසුමෝට්ටෛ, කන්දාවල, ඌරියන්, පනාන්කන්ඩි සහ කනකරායන් ආරු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස දන්වා තිබේ.

ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ හේතුවෙන් කන්දාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් පවතින බවටයි බලධාරීහු අනතුරු අඟවන්නේ.

World News

Send your contact Details Today