පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා කිහිපයක්, සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
ඒ අනුව අද,
පස්වරු 3.00ට මුම්බායි සිට පැමිණීමට නියමිත එයාර් ඉන්දියා ගුවන් සේවයේ AI 2276,
පස්වරු 3.15ට අබුඩාබි සිට පැමිණීමට නියමිත එටිහාඩ් ගුවන් සේවයේ EY 390,
පස්වරු 3.45ට බැංකොක් සිට පැමිණීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 405,
පස්වරු 3.55ට ඩකා සිට පැමිණීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් සේවයයේ UL 190,
යානා සිය ගුවන් ගමන් මෙලෙස අවලංගු කර තිබේ.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමට අනුව කටුනායකට පැමිණීමට නියමිතව තිබූ පහත සඳහන් ගුවන්යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.
ක්වාලා ලාම්පුර් සිට ඊයේ පස්වරු 09.50 ට එයාර් ඒෂියා AK 047 – ත්‍රිවෙන්ද්‍රම්
අබුඩාබි සිට අද පෙරවරු 2.50 ට එටිහාඩ් EY 394 – ත්‍රිවෙන්ද්‍රම්
ඩුබායි සිට අද පෙරවරු 5.00ට ශ්‍රීලංකන් UL 226 – ත්‍රිවෙන්ද්‍රම්
දෝහා සිට අද පෙරවරු 5.50ට ශ්‍රීලංකන් UL 218 – ත්‍රිවෙන්ද්‍රම්
දමාම් සිට අද පෙරවරු 06.05ට ශ්‍රීලංකන් UL 254 – කොචින්
රියාද් සිට අද පෙරවරු 06.15ට ශ්‍රීලංකන් UL 266 – මත්තල
කුවේට් සිට අද පෙරවරු 06.15ට ශ්‍රීලංකන් UL 266 – මත්තල
දිල්ලි සිට අද පෙරවරු 8.45ට ශ්‍රීලංකන් UL 192 – මත්තල
චෙන්නායි සිට අද පස්වරු 12.45ට ඉන්ඩිගෝ 6E 1175 – කොයිම්බර්තූර්