Latest News

ප්‍රේමදාස ක්‍රීඩාංගනය, හදිසි ආපදා මධ්‍යස්ථානයක් කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයහපත් කාලගුණ විපත් හමුවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරු වල පාලනය යුද හමුදාවට බාර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

එමෙන්ම ගංවතුර හා නාය යෑම් නිසා සිරවී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු , හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන අවශ්‍යතා පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා දිසාපතිවරුන්ට දැනුම් දුන්නේය.

එම කටයුතු සම්බන්ධීකරණය සදහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යාමට නියමිතය.

මේ අතර කොළඹ අවට සිටින තුන්දහසකට ආසන්න පිරිසකට රඳවා තබා ගැනීමට කෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සැකසීමට පියවර ගත් බව කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව දැනුම්දෙයි.

World News

Send your contact Details Today