Latest News

අසාමාන්‍ය දුඟදක් ආ ගුවන්යානයක් හදිසියේම ගොඩබස්වයි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Gold coast සිට Canberra බලා ගිය JQ650 jetstar ගුවන් යානය තුළ අසාමාන්‍ය දුගඳක් හැමීම හේතුවෙන් එය හදිස්සියේම sydney වෙත ගොඩබස්වා තිබේ.

මගීන් 173ක් රැගත් යානය පස්වරු 2.20ට පමණ මෙලෙස mascot ගුවන් තොටුපළට ගොඩබස්වා තිබුණේය.

සිද්ධියෙන් මගීන්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ගොඩ බැස්වූ මොහොතේම හදිසි සේවා කණ්ඩායම් යානය තුලට පැමිණ තිබේ.

jetstar සමාගම සඳහන් කළේ කැබින් එක තුළ දුමක් හෝ ගිනි ගැනීමක් නොතිබුනද, මගීන්ට දරාගත නොහැකි දුගඳක් හැමූ බවයි.

සියලුම මගීන් ආරක්ෂිතව පිටව ගොස් ඇති අතර, දුඟඳ හැමීමට නිශ්චිත හේතුව සොයා ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today