Latest News

දක්ෂිණ අධිවේගයේ ස්ථානයක නාය යෑමේ අවධානමක් – මාර්ගය භාවිතා කරන්නන්ට දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්‍රදේශයේ ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය යාමේ අවදානමක් පවතින බැවින් මාර්ගයේ මං තීරුවක් තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ කොළඹ දෙසට දිවෙන මං තීරුවේ පැති බැම්මෙ මෙම ඉරි තැලීම සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වම් මං තීරුවේ මීටර් 300 ක ප්‍රමාණයක් මෙලෙස ආරක්ෂිත විධිවිධාන ක්‍රම උපයෝගී කර ගනිමින් තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පියවර ගෙන ඇත

මේ වන විට පැති බැම්මේ ඉරි තැලීම සිදුවූ කොටස ඉටිකොල වලින් ආවරණය කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන් ඒ අවට සහ අධිවේගී මාර්ගයේ සියලුම පැති බැමි අධීක්ෂණය කරන බව ද පැවසේ.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම තත්ත්වයට මුහුණදී ඇති අතර, මේ හේතුවෙන් විකල්ප මාර්ග අනුව කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙයි.

World News

Send your contact Details Today