Latest News

නාය යාමක් හේතුවෙන් නාවලපිටියේ රේල් පාරක් ඇඹරි යයි (PHOTOS)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කු ආසලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටි එහි තිබු ලී මෝලක් සහ නිවාස කීපයක් පහළ දුම්රිය මාර්ගයට දක්වා අද (28) දින අලුයම නාය ගොස් ඇත.

මේ හේතුවෙන් නාවලපිටිය ගම්පොළ මාර්ගයේ නාවලපිටිය නගරයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා කියා සිටියේ.

අනතුරෙන් තුවාල ලැබු අයකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවත්, තවත් කිහිප දෙනෙකු අනතුරෙන් අතුරුදහන් වී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

මේ වන විටත් එම නායයෑම සක්‍රියවන් පවතින අතර, එම ප්‍රදේශයට නැරඹීම සඳහා ඇතුළත් වෙමින් වළකින ලෙසයි නාවලපිටිය පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි.

තවද නාවලපිටිය ප්‍රදේශය තුළ තවත් ස්ථාන කිහිපයක නායයාම් සහ අනතුරු හේතුවෙන් පවුල් තිහකට අසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

එමෙන්ම අයහපත් කාළගුණය හේතුවෙන් රදැල්ල සහ රිවස්ස්ටන් අසළ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව තිබෙනවා.

World News

Send your contact Details Today