ගුවන්තොටුපළට පැමිණීමට පෙර www.srilankan.com, 1979 (දේශීය) හෝ +94 117 77 1979 (ජාත්‍යන්තර) හරහා ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානාවල ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිළධාරිවරයා සඳහන් කරයි.
ඒ අනුව, ගුවන් යානා කිහිපයක් කොචින්, ත්‍රිවේන්ද්‍රම් සහ මත්තලට ගොඩබස්වනු ලබයි.