අමෙරිකානු ඩොලර් බිලියන 40ක අතිරේක ආරක්ෂක අයවැයක් යෝජනා කිරීමට සැලසුම් කර ඇති බව තායිවාන ජනාධිපති ලායි චිං-ටේ නිවේදනය කර තිබේ.
ඒ අනුව ජපානයේ සිට බෝර්නියෝ දක්වා විහිදෙන පළමු දූපත් දාමය උල්ලංඝනය කරමින් චීන හමුදා නිරන්තරයෙන් තම අවට ප්‍රදේශයට ආක්‍රමණය කිරීම සහ අභ්‍යාස සිදු කළද, තායිවානය ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය පවත්වා ගැනීමට කැපවී සිටින බව ලායි පවසන්නේ.
චීනයේ වේගවත් මිලිටරි ගොඩනැගීම සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ, නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ සහ ඉන්දු-පැසිෆික් හරහා ප්‍රකෝප කිරීම්, කලාපයේ සාමයේ අස්ථාවරත්වය ඉස්මතු කර ඇති බව ද ඔහු පවසා තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය දිවයිනට සිය ආරක්ෂක වියදම් වැඩි කිරීමට බලපෑම් කරන බැවින්, ඉහළ මට්ටමේ හඳුනාගැනීමේ සහ අන්තර් නිරෝධන හැකියාවන් සහිත ගුවන් ආරක්ෂක පද්ධතියක් වන තායිවාන් ඩෝම් ගොඩනැගීම ඇතුළුව ආයුධ මිලදී ගැනීම් සඳහා තායිවාන ජනාධිපතිවරයා අමෙරිකානු ඩොලර් බිලියන 40ක විශේෂ අයවැයක් ප්‍රකාශයට පත් කර ඇති බව වොෂින්ටන් පෝස්ට් පවා වාර්තා කර තිබුණේය.
“මෙම උත්සාහයේ කොටසක් ලෙස, මගේ රජය ඓතිහාසික අමෙරිකානු ඩොලර් බිලියන 40ක අතිරේක ආරක්ෂක අයවැයක් හඳුන්වා දෙනු ඇත” යනුවෙනුයි තායිවාන ජනාධිපතිවරයා පවසා තිබුණේ.
තවද ඔහු පෙන්වා දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් සැලකිය යුතු නව ආයුධ අත්පත් කර ගැනීම් සඳහා අරමුදල් සැපයීම පමණක් නොව, තායිවානයේ අසමමිතික හැකියාවන් බෙහෙවින් වැඩි දියුණු කිරීම එහි අරමුණ බවයි.
එමෙන්ම තායිවාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බීජිං හි බලය යෙදවීම පිළිබඳ තීරණ ගැනීමේදී වැඩි පිරිවැයක් සහ අවිනිශ්චිතතාවයන් ඇතුළත් කිරීමෙන් වැළැක්වීම ශක්තිමත් කිරීම සිය ඉලක්කය බවයි.
චීනයේ ආක්‍රමණ තර්ජන මධ්‍යයේ අඛණ්ඩ උපාය මාර්ගයක කොටසක් ලෙස, දිවයිනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% දක්වා ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට ලායි දැනටමත් ප්‍රතිඥා දී ඇති අතර 2026 සිට 2033 දක්වා වසර අටක් තුළ අයවැය වෙන් කරනු ලබයි.