ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් සඳහා පමණක් දුම්රිය ධාවනය සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
පවතින ආපදා තත්ත්වය පහව යනතෙක් බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය වන අතර දුම්රිය කිහිපයක් අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගාල්ල සහ හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසීය.
එමෙන්ම ආරක්ෂාව තහවුරු වූ වහාම නැවත සාමාන්‍ය ලෙස දුම්රිය ධාවනය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.