Latest News

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ ඇදහිය නොහැකි වැඩිම වර්ෂාපතනය ඇතුළත් වාර්තාව නිකුත් වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුවෙන් වාර්තා වී ඇති අතර එම වර්ෂාපතන මට්ටම මිලිමීටර් 540ක්.

සැළකිය යුතු වර්ෂාපතන මට්ටම් සහිත අනෙකුත් ප්‍රදේශ වන්නේ

  • කොත්මලේ, නුවරඑළිය – 421 මි.මී
  • මාරස්සන, මහනුවර – 403 මි.මී
  • මොරහේන, මහනුවර – 394 මි.මී
  • වටවල, නුවරඑළිය – 316 මි.මී
  • හාලි ඇල, බදුල්ල – 232 මි.මී

මේ අතර කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් ඇති බවය.

එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලීමක් කරයි.

World News

Send your contact Details Today