පසුගිය පැය 72 තුළ අයහපත් කාලගුණයෙන් මරණ 46 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, නොවැම්බර් 16 සිට මේ දක්වා වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී.
නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.