මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විද්‍යාඥයින් පිරිසක් නවතම සොයාගැනීමක් සිදු කර තිබේ.
ඒ, මොළයේ ක්‍රියාකාරීත්වය සිදු වන තීරණාත්මක අවධි 05ක් පිළිබඳ අනාවරණය කර ගනිමින්.
ඒ අනුව වයස අවුරුදු නවය, 32, 66 සහ 83 යන වයස් කාණ්ඩමොළයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය වන බවයි විද්‍යාඥයින් හෙළි කර ඇත්තේ.
ඒ අනුව මොළයේ ළමා කාලය ලෙස උපතේ සිට නවය වසර දක්වාත්, නව යොවුන් විය අවුරුදු නවයේ සිට 32 දක්වාත්, මොළයේ වැඩිහිටි කාලය අවුරුදු 32 සිට 66 දක්වාත්, මොළයේ මුල් වයසට යාම අවුරුදු 66 සිට 83 දක්වාත්, මොළයේ ප්‍රමාද වූ වයසට යාම අවුරුදු 83 සිට ඉදිරියට සිදු වන බවත් විද්‍යාඥයින් පවසයි.
වයස අවුරුදු 90 දක්වා වූ පුද්ගලයින් 4,000 ක් පමණ ඔවුන්ගේ මොළයේ සෛල අතර සම්බන්ධතා හෙළි කිරීමට සිදුකළ ස්කෑන් පරීක්ෂණ පාදක කර ගනිමින් කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් මෙම සොයාගැනීම් සිදු කර තිබේ.
මානසික ආබාධ සහ ඩිමෙන්ශියාව වැනි රෝග ඇතිවීමේ අවදානම ජීවිත කාලය පුරාම වෙනස් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මෙහි ප්‍රතිඵල උපකාර වන බවයි ඔවුන් පවසන්නේ.
නව දැනුම සහ අත්දැකීම් වලට ප්‍රතිචාර වශයෙන් මොළය නිරන්තරයෙන් වෙනස් වන බවත් මොළයේ ක්‍රියාකාරීත්වය උපතේ සිට මරණය දක්වා එක් සුමට රටාවක් ලෙස නොපවතින බවත් මෙම පර්යේෂණයෙන් පෙන්නුම් කර තිබේ.