Latest News

අයහපත් කාලගුණයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව නොසිතූ ලෙස තවත් ඉහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වනවිට ශ්‍රී ලංකාවට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එම මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණ නිසා සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 18ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 07ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 04ක් සහ කුරුණෑගල, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් එක් මරණය බැඟින් වාර්තා වෙයි.

තවත් පුද්ගලයින් 14 දෙනෙක් අතුරුදහන්ව ඇති අතර, පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මොවුන් ජීවිතක්ෂයට පත් ව ඇත.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

World News

Send your contact Details Today