ලොව ප්‍රථම පූර්ණ ඒකාබද්ධ ෆෝටෝනික් මිලිමීටර තරංග රේඩාර් චිපය හොංකොං නගර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිර්මාණය කර තිබේ.
කාසියක ප්‍රමාණයෙන් යුතු මෙම චිපය මගින්, අවට වස්තූන් හා චලනයන් පිළිබඳ අතිශය නිරවද්‍ය දත්ත ලබා ගැනිමට හැකි බවයි සඳහන් වන්නේ.
මේ හරහා 6G ජාල සංවර්ධනයේ ප්‍රධාන තාක්ෂණික මෙවලමක් බවට පත්වනු ඇති අතර, සන්නිවේදනය සහ සංවේදනය තනි පද්ධතියකට ඒකාබද්ධ කිරීමට මෙමඟින් හැකිවෙයි.
සාම්ප්‍රදායික රේඩාර් පද්ධති විද්‍යුත් සංඥා භාවිතා කළද, මෙම නව චිපයේ වැඩි කොටසක් ආලෝකය මත පදනම්ව ක්‍රියා කරයි.
ආලෝකයට, විදුලියට වඩා පුළුල් සංඛ්‍යාත පරාස හසුරුවාගත හැකි බැවින්, චිපයට වඩාත් පැහැදිලි හා උසස් විභේදන රේඩාර් රූප ලබාගැනීමට හැකි වේ.
45 ගිගාහර්ට්ස් පරාසයේ විශාල කලාප පළලක් භාවිතා කරමින්, වස්තූන්ගේ ඉතා නිරවද්‍ය දුර, වේග සහ හැඩ තොරතුරු හඳුනා ගැනීමට හැකියාව තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම කුඩා චිපය මගින් රේඩාර් සංඥා නිපදවීමටද, ලැබෙන සංඥා විශ්ලේෂණය කිරීමටද හැකියි.
මෙහි ප්‍රධාන නවෝත්පාදනය වන්නේ ‘තූනි පටල ලිතියම් නියෝබේට්’ නමින් හඳුන්වන ද්‍රව්‍යය භාවිතය වන අතර එය ආලෝක පාලනයට අතිශය කාර්යක්ෂම ද්‍රව්‍යයක් වෙයි.
මෙම ද්‍රව්‍ය මත පදනම් වූ දෘශ්‍ය පරිපථ දියුණු කිරීම සඳහා පර්යේෂකයින් වසර ගණනාවක් වැය කර තිබෙන බවයි සඳහන් වන්නේ.
චිපයට විශාල හා මිල අධික ඩිජිටල් ඇනලොග් පරිවර්තක අවශ්‍ය නොවීම නිසා, එය වඩාත් ප්‍රායෝගික වනු ඇතැයි අපේක්ෂා කරයි.
සම්මත අඟල් 4 වේෆර් මත විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කළ හැකි බැවින්, මේ ආර්ථික වශයෙන්ද ලාභදායි වෙයි.
අනාගතයේදී මෙවැනි චිප්ස් මඟින් උපකරණවලට සන්නිවේදනය පමණක් නොව, අවට පරිසරය ගැන දැන ගැනීමද සිදු කළ හැකි වේ.
ස්වයං රිය පදවන මෝටර් රථ, ස්මාර්ට් නිවාස, සෞඛ්‍ය නිරීක්ෂණය, සහ දෛනික IoT උපාංග සඳහා විශාල දියුණුවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරයි.