Latest News

අයහපත් කාලගුණයෙන් අහිමි වුණ ජීවිත ගණන සහ නාය යෑමේ ස්ථාන ගණන තවත් ඉහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 22ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඉන් වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා අද (27) උදෑසන වනවිට වාර්තාවන මරණ සංඛ්‍යාව 11ක් බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන සඳහන් කළේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගල අතුරුදන්වීම් 07ක් වාර්තා වන අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට හා උඩුදුම්බර ප්‍රදේශවලින් පුද්ගල අතුරුදන්වීම් 04ක් වාර්තා වනවා බවයි තොරතුරු වාර්තා වුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර අද (27) උදෑසන 6.00 වනවිට අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 03කට පූර්ණ හානි සහ නිවාස 381කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කාලගුණය අයහපත් වීමත් සමඟ ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානම්ව සිටි බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු හදිසි ඇමතුම් මැදිරිය 117 හෝ දුරකථන අංක 0112136136, 0112136222, 0112670002 ඇමතීමෙන් දැනුම් දිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ

ෆැක්ස් +94 112 670 079

ඊමේල් ලිපිනය eoc@dmc.gov.lk, eocdmc@gmail.com

World News

Send your contact Details Today