Latest News

බදුල්ලේ ස්ථාන 06ක් නාය යයි – පිරිසක් ජිවිතක්ෂයට, පිරිසක් අතුරුදන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක නායයෑම් සිදුව තිබේ.

එහිදී පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

World News

Send your contact Details Today