ඔස්ට්‍රේලියාවට නුදුරුව පිහිටා ඇති Heard Island වෙත H5 කුරුළු උණ වෛරසය ළඟා වී ඇති බව බලධාරීන් ප්‍රථම වරට තහවුරු කර තිබේ.
මියගිය Elephant Seal මත්ස්‍යයින්ගේ සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු විද්‍යාඥයින් සඳහන් කළේ වෛරසය දූපතේ පවතින බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී හර්ඩ් දූපතේ කළ පාරිසරික නිරීක්ෂණයකදී Elephant Seal මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව අනාවරණය විය.
පසුව සිදුකළ පරීක්ෂණවලදී ඔවුන්ගේ ශරීර තුළ H5 කුරුළු උණ වෛරසය පවතින බවයි තහවුරු වී ඇත්තේ.
පෙන්ගුයින් සහ මුහුදු පක්ෂීන් ඇතුළු දූපතේ අනෙකුත් ජීවීන්ට ඉන් කිසිදු බලපෑමක් සිදු වී නොමැත.
එහෙත් කෘෂිකර්ම අමාත්‍ය ජූලි කොලින්ස් පවසන්නේ හර්ඩ් දූපතේ මෙම වෛරසය සොයා ගැනීම, වසංගතයක් සඳහා සූදානම් වීම කෙරෙහි ඔස්ට්‍රේලියාවේ අවධානය තවදුරටත් යොමු වියයුතු සිදුවීමක් බවයි.
මේ අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් හර්ඩ් දූපතට දෙවන වරටත් ගොස් සිටියි.
ඔවුන් ලබන මස අග දී නැවත පැමිණීමෙන් පසු දූපතේ වන ජීවීන් පිළිබඳ නවතම තොරතුරු ලබාදීමට නියමිතයි.
H5 කුරුළු උණ වෛරසය ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ආසියාව සහ ඇන්ටාක්ටිකාව පුරා පැතිරී ඇති අතර වන සතුන් මිලියන ගණනකට බරපතල රෝගාබාධ හා මරණ ඇති කළේය.
දැනට වෛරසයෙන් තොර එකම මහාද්වීපය වන්නේ ඕස්ට්‍රේලියාවයි.
2024 වසරේ පෙබරවාරි මාසයේදී වෛරසය ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවට ළඟා වූ අතර ඒ හේතුවෙන් එය නිසැකවම ඕස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවටයි විශේෂඥයින් අනතුරු ඇඟවූයේ.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව වසංගතයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, ජෛව ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැඩසටහන් සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 100ක මුදලක් වැය කර තිබේ.