Latest News

TV Dad දිවි ගමනට සමු දෙයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ ‘TV Dad’ ලෙස හඳුන්වන ජනප්‍රිය නළුවෙකු වූ ලී සූන්-ජේ අද (25) දිවි ගමනට සමු දී ඇත.

ලී සූන්-ජේ මිය යන විය වයස අවුරුදු 91ක් වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

චිත්‍රපට, රූපවාහිනිය සහ වේදිකාව තුළ වසර 70කට වැඩි කාලයක් පුරා දිවයන ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු බොහෝ චරිත සඳහා දායක වී ඇත.

ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ රංගනයන් ලෙස 1991දී විකාශය වූ ‘What on Earth is Love’ නම් රූපවාහිනී කතා මාලාවේ දැඩි පියෙකුගේ චරිතයක් සඳහාත් 2006 සිට 2012 දක්වා විකාශය වූ ජනප්‍රිය කතා මාලාවක් වන ‘High Kick’හි මෝඩ නමුත් ආදරණීය සීයා ලෙසත් ඔහු රංගනයෙන් දායක වී ඇති බව සඳහන් ය.

ලී සූන්-ජේ සිය වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනී වැඩසටහන් 140ක පමණ පෙනී සිට ඇති අතර 2024 ඔක්තෝබර් දක්වා වේදිකාවේ රංගනය සිදුකර ඇත.

World News

Send your contact Details Today