Latest News

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ වර්ධනයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසයි.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි.

මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 ක්.

එය 2024වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යාම  විශේෂත්වයක්.

World News

Send your contact Details Today