Latest News

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව ඉහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ බදුල්ල, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් එම මරණ වාර්තා වන බවයි.

මේ අතර ආපදාවට ලක් වූ පුද්ගලයින් 67 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 03ක රඳවා ඇති බව ඔහු සඳහන් කළේය.

කළුතර, ගාල්ල, යාපනය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑමකට ලක් වූ දිස්ත්‍රික්ක වේ.

මේ අතර ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් ඉහළ අගයකින් යුත් හදිසි වර්ෂාවකදී ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කාළගුණික අංශ පුරෝකථනය කරන අන්දමට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් හයකට මිලි මීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට එම අධික වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය අනුව හැසිරීම් රටාව සම්බන්ධයෙන් වූ පසුගිය අත්දැකීම් අනුව ප්‍රධාන ගංඟාවන්හි 2025.11.25 සිට 2025.11.30 දක්වා වූ කාලය තුල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බැවින් ඒ පිලිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම නිවේදනයන් සම්බන්ධයෙන් සියළුම ගංඟාවල පහත් නිම්නයන් හි පදිංචි ජනතාවගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.

World News

Send your contact Details Today