ජපානයේ දී චීන ජාතිකයින්ට එරෙහි අපරාධ ඉහළ යමින් පවතින බවට චීනය කරන ප්‍රකාශයට එරෙහිව ජපන් විදේශ අමාත්‍යාංශය දත්ත නිකුත් කර තිබේ.
2023 සිට ජපානයේ සිදු වූ මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ ගිනි තැබීම් සිද්ධීන් සංඛ්‍යාව පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, එහිදී වින්දිතයින් චීන ජාතිකයන් බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
2023 සහ 2024 දී මිනීමැරුම් නඩු 15 බැගින් ඇති බවත්, මෙම වසරේ මුල් මාස 10 තුළ හතක් සිදුවී ඇති බවත් අමාත්‍යාංශය පැවසුවේය.
මංකොල්ලකෑම් සංඛ්‍යාව 2023 දී 31ක් සහ 2024 දී 27ක් සිදු වී තිබේ.
මෙම වසරේ ජනවාරි සහ ඔක්තෝබර් අතර ද 21ක් සිදුව ඇති බව සඳහන්.
ගිනි තැබීම් සම්බන්ධයෙන් ගත් කල, 2023 දී සිදුවීම් දෙකක් සහ 2024 දී සිදුවීම් තුනක් සිදුවිය.
2025 දී ඔක්තෝබර් වන විට චීන ජාතිකයින්ට එරෙහිව ගිනි තැබීම් පිළිබඳ සිද්ධීන් නොතිබුණේය.
මෙම සංඛ්‍යාවට ප්‍රධාන සැකකරු චීන ජාතිකයෙකු බව සොයා ගත් සිද්ධීන් ඇතුළත් බව අමාත්‍යාංශය පැවසුවේය.
එමන්ම අමාත්‍යාංශය මෙසේ පැවසීය: “චීන රජයේ මෑත කාලීන නිවේදනවල, මේ වසරේ ජපානයේ චීන ජාතිකයින්ට එරෙහිව අපරාධ නඩු වැඩිවීමක් සිදුවී ඇති බවට සඳහන් කර ඇති අතර, එමඟින් ආරක්ෂාව පිළිබඳ වැඩි අවදානමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, එවැනි ප්‍රකාශය වැරදියි.”
තායිවානය සම්බන්ධයෙන් ඇති විය හැකි හදිසි අවස්ථාවක් පිළිබඳව ජපාන අගමැති ටකයිචි සානේ කළ ප්‍රකාශයකට බීජිනය තියුණු ලෙස ප්‍රතිචාර දක්වමින් සිටියි.
ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් සහ චීන ජාතිකයින්ට එරෙහි අපරාධ බහුලව සිදුවන බව පවසමින්, ජපානයට සංචාරය කිරීමෙන් වළකින ලෙසත්, එහි අධ්‍යාපනය ලැබීමට සැලසුම් කිරීමේදී ප්‍රවේශම් වන ලෙසත් චීන රජය චීන පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.