පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20-20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙයි.
ඒ රාවල්පිණ්ඩිහි දීයි.
තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර
තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්රිකට් තරගාවලියක් සඳහා පාකිස්තාන ක්රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
ජනවාරි මස 8,10,12 යන දිනවලදීයි මෙම තරග පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.
එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කිරීමට කටයුතු කරන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ.