Latest News

ඉන්දියාවේ දරුණු බස් රථ අනතුරක් – 06ක් ජිවිතක්ෂයට, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනාවැකි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද (24) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් බස් රථ දෙකම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වේ.

මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.

තුවාල ලැබූ මගීන් 28 දෙනාම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින නමුත් ඔවුන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

World News

Send your contact Details Today