Latest News

නොසිතූ කරදරයක් නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවගේ විවාහය කල් දමයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊයේ (23) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ.

ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.

මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි.

මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විවාහ උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මන්දනාගේ කළමනාකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“මන්දනා එයාගේ තාත්තාට ගොඩක් සමීපයි. තාත්තා සනීප වෙනකම් මේ විවාහය දින නියමයක් නැතුව කල් දාන්න එයා තීරණය කළා. එයා ඉක්මණින් සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා”

ඇයගේ පියා මේ වන විට රෝහල්ගතව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

World News

Send your contact Details Today