Latest News

ශ්‍රී ලංකාවේ ළමා ජනගහනය ගැන නවතම වාර්තාවකින් හෙළි කල දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ළමා ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩුවීමක් දක්නට ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වේ.

1946 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ළමා ජනගහන අනුපාතය පැවත ඇත්තේ (0-14 වයස් කාණ්ඩය) සියයට 40-42ක් අතර අනුපාතයක වේ ඉන්පසුව 2024 වර්ෂයේ දී ළමා ජනගහන අනුපාතය සියයට 20 දක්වා අඩු වී ඇති බව වාර්තා වල සදහන්.

එමෙන්ම මෙලෙස දරු උපත් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතූන් ලෙස විවාහ ප්‍රමාදවීම, උසස් අධ්‍යාපනයට සහභාගි වීම වැඩිවීම ආදිය සදහන් වී තිබේ.

තවද මෙම වාර්තාවේ සඳහන් වෙන්නේ ළමා ජනගහනය අඩුවීම අනාගතයේ දී ශ්‍රම සැපයුම පටුවීම සඳහා ප්‍රධානම හේතුවක් විය හැකි බවයි.

තවද මෙම ගැටලුව ශ්‍රම බලකායේ ඵලදායීතාවය ඉහළ නැංවීම මගින් විසඳා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.

නමුත් එසේ නොකළහොත් සමස්ත ආර්ථිකයේ ප්‍රසාරණය සීමාවනු ඇති බව ද මෙම වාර්තාවල තව දුරටත් සදහන් වේ.

World News

Send your contact Details Today