ශ්‍රී ලංකාවේ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමට හෙට (24) සිට මගීන්ට අවස්ථාව හිමි වෙයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල ලෙස ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
එසේම මෙය මුදල් රහිත (cashless) පොදු ප්‍රවාහන පද්ධතියක් කරා යන ගමනේ ප්‍රධාන පියවරක් වේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අනුව, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ මාර්ග 20ක් පමණ ආවරණය කිරීමට නියමිතයි.