Latest News

කඩුගන්නාවේ ඛේදවාචකය: සෝදිසි මෙහෙයුම් නතර කරයි – මිය ගිය ගණන තවත් ඉහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී පස් සමග විශාල ගල් නිවසක් හා වෙළඳසැලක් මතට පෙරළීමෙන් එහි සිටි හය දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

එමෙන්ම මුදවා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට ද තීරණය කර තිබේ.

තාවකාලිකව වසා දැමු මෙම මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

ප්‍රදේශය හා මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු සිදුවේ.

අධික වර්ෂාව මෙම කටයුතුවලට බාධාවක් වී තිබේ.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය ගණේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වාම වසා තැබෙන බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්.හේරත් මහතා කියා සිටින්නේ.

මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පහල කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ පිහිටා තිබු නිවසක් සහ වෙළදසැලක් මතට පස් සහ විශාල ගල් පෙරලී ඇත්තේ අද (22) උදෑසන 8.45ට පමණයි.

සුන්බුන් අතර සිරවී සිටි 4 දෙනෙකු මුදා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුලත් කෙරුණි.

තවදුරටත් එම ප්‍රදේශයේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බවයි ආරක්ෂක අංශ පැවසුවේ.

මේ අතර අදාල ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදුවු ස්ථානය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා අවට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

World News

Send your contact Details Today