Latest News

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (23) පස්වරු 02.30 දක්වා බලාත්මකයි.

ඒ අනුව පහත ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් වලංගු වනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කොළොන්න, කලවාන, අයගම, බලංගොඩ, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ සහ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ඊට අමතරව අනතුරු ඇඟවීමේ 01 මට්ටම යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තුම්පනේ, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර, උඩුනුවර, උඩපළාත, ගඟවට කෝරළය සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, කිරිඇල්ල, විවෘතනායක සහ වැලිගෙපොල, කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

World News

Send your contact Details Today