Latest News

ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි අතර සාකච්ජාවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර සාකච්ජාවක් පවත්වා තිබේ.

ලෝකයේම අවධානය දිනාගත් අවස්තාවක් ලෙස නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම හදුන්වන්නට හැකිය.

නමුත් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ කාරණයක් වනුයේ ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් වේ.

නිව්යෝර්ක් නගරාධිපති ධුරයට මම්දානි සොහ්රාන් පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් හමුවිය.

අමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිතර විවේචනාත්මක අදහස් හුවමාරුවීම් සිදුවුවත් ඒවා පසෙකලා දෙදෙනා අතර සුහදශීලි කතාබහක් සිදු වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඒ වගේම ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි නගරාධිපති ලෙස ජනතාව පත් කර ගැනීමට හේතුව වනුයේ ජනතාව දැරිය නොහැකි ජිවන වියදම හා උද්ධමනය හේතුවෙන් පාලක පක්ෂය කෙරෙහි දැඩි කළකිරීමට ලක්ව සිටීමයි.

කෙසේ වුවත් නිව්යෝර්ක් නගරාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්ව ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන බවයි.

World News

Send your contact Details Today