Latest News

ශ්‍රී ලංකාවේ පරණ චිත්‍රපටි 12ක් ප්‍රංශයේ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උලෙළකදී පෙන්වයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය’ ව්‍යාපෘතියේ අංගයක් ලෙස නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රංශයේ නැන්ටෙස් හි පැවැත්වෙන ‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ හිදී සම්භාව්‍ය ශ්‍රී ලාංකික චිත්‍රපට දොළහක් ප්‍රදර්ශනය කෙරෙන බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.

කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ සහාය ඇතිව, ‘ශ්‍රී ලංකා සිනමාවේ ස්වර්ණමය යුගය’ මැයෙන් පවත්වන ලද මෙම වැඩසටහනේ දී මෙරට සිනමා උරුමය අන්තර්ජාතික වේදිකාවකදී සැමරීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ඉදිරිපත් කෙරෙන සිනමා කෘති මගින් ශ්‍රී ලංකා සිනමාව ගවේෂණය කෙරෙන අතර එම සිනමා කෘතිවලින් ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කරන ලද ඒවා වේ.

චිත්‍රපට උරුම පදනම විසින් සුමිත්‍රා පීරිස්ගේ විශිෂ්ට කෘතියක් වන ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය ප්‍රතිසංස්කරණය කිරීමට ගත ප්‍රයත්නයේ දී ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුම ව්‍යාපෘතියේ අංගයක් වශයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සමඟ අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද සහයෝගීතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සිනමා අතීතාවර්ජනය සිදුවේ.

‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ යනු අප්‍රිකාව, ලතින් අමෙරිකාව සහ ආසියාවෙන් අද්විතීය චිත්‍රපට තෝරාගැනීමක් හරහා සිනමාව සහ ලෝකය පිළිබඳ වෙනස් දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරන චිත්‍රපට උළෙලකි.

එය 1979 සිට සෑම වසරකම ප්‍රංශයේ නැන්ටෙස් නගරයේ සහ ලොයර්-ඇට්ලන්ටික් කලාපයේ පවත්වනු ලැබේ.

World News

Send your contact Details Today