Latest News

LPL තරග පාවාදීමේ සිදුවිමකට සම්බන්ධ පාකිස්තාන ජාතිකයෙකුට වරෙන්තු

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ ක්‍රියාවලියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකකරුවෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කළ මුජීද් උර් රෙහෙමාන් නම් පාකිස්තාන ජාතිකයාටයි.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන ඒකකයේ (SIB) ඉල්ලීමක් සලකා බැලීමෙන් මෙම නියෝගය ලබාදී තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විසින් මීට පෙර මුජීද් උර් රෙහෙමාන්ට නොතීසි නිකුත් කර තිබුණි.

එහෙත්, ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී නොසිටි නිසා, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමේ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගෙන ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළ අතර, විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

World News

Send your contact Details Today