ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘HAL තේජාස්’ නම් යානය මෙලෙස අනතුරට ලක්ව තිබේ.
යානය කඩාවැටීමට පෙර එහි නියමුවා පිටතට පැනගත්තාද, නැතිනම් ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්.
නරඹන්නන් පිරිසක් බලා සිටියදී අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් කළු දුමාරයක් සමග ගුවන්යානය කඩාවැටී තිබේ.
ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි ‘Dubai Air Show’ සඳහා ලොව පුරා රටවල් රැසක ගුවන් යානා පැමිණ තිබේ.