Latest News

2026 T20 ලෝක කුසලානයේ ඉන්දු පාකිස්තාන ගැටුම ශ්‍රී ලංකාවේදී

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඊට අමතරව තරගාවලියේ පාකිස්තානය සහභාගීවන සියලුම තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර පාකිස්තානය අවසන් තරඟයට සුදුසුකම් ලැබුවහොත්, අවසන් මහා තරඟය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එසේ නොමැතිව වෙනත් රටවල් දෙකක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවහොත්, අවසන් මහා තරඟය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන පෙබරවාරි 07 වන දින ආරම්භ වී මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීම සඳහා ICC විධායක කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

තරඟාවලිය සඳහා කණ්ඩායම් විස්සක් සහභාගී වන අතර පැවැත්වෙන සමස්ත තරඟ සංඛ්‍යාව 55ක්.

World News

Send your contact Details Today