දෙමාපියන් දෙදෙනාම නොමැතිව ඕස්ට්‍රේලියාවට ඒමට සූදානම් වන වයස අවුරුදු 18ට අඩු දරුවන්ට වීසා අයදුම් කිරීමේදී ලබා දෙන ලේඛන පිළිබඳව නවතම පැහැදිලි කිරීමක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ.
මෙම නව නිර්දේශ වලට අනුව නිවැරැදි ලේඛන ලබා දීම අත්‍යවශ්‍ය බවටයි වාර්තා වන්නේ.
එම ලේඛන ලෙස
Copy of birth Certificate
👉 If someone other than your biological parent(s) is your legal guardian, you must provide proof of this. For example, if you have adoptive parents or a court-appointed guardian, provide proof of their legal guardianship, such as adoption papers or parental court orders.
👉 Provide a copy of the passport of your parent(s) or legal guardian(s)
මෙහිදී තනිවම ගමන් කිරීමට දෙමාපියන්ගේ හෝ භාරකරුවාගේ අවසරය නීත්‍යානුකූල කැමති පත්‍රයක් සහිතව 1229 form එක සමග ඉදිරිපත් කළ යුතුයි.
එමෙන්ම ඔබ ඥාතියෙකු නොවන අයෙකු සමඟ නවාතැන් ගන්නේ නම්, අංක 1257 form එක ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
අදාළ Forms ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැකියි.
වීසා ලබා ගැනීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීමට අදාළ Forms නිවැරදිව පුරවා සනාථ කල නිවැරදි ලේඛන සමඟ නැවත නැවතත් පරීක්ෂා කර ඉදිරිපත් කරන ලෙසද දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.