ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සිය සම්මුති විරහිත ස්ථාවරය ඉන්දියාව නැවත අවධාරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිය රුසියානු සංචාරයට සමගාමීව මොස්කව් නුවරදී ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූ අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මේ බව අවධාරණය කර ඇති බවයි.
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ත්‍රස්තවාදය, ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ සංවිධානාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබා දුන් බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
එමෙන්ම ඔහු අවධාරණය කර ඇත්තේ, කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් සාධාරණීකරණය නොකළ යුතු බවයි.
මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර සිදු කෙරුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම රුසියානු සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ සුබ පැතුම් ඔහුට පිරිනැමු බව ද සඳහන්.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වාර්ෂික ඉන්දු-රුසියා සමුළුව සඳහා ඉන්දියාව සූදානම් වෙමින් පවතින බව ද, ඔහුට දැනුම් දුන් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේය.
එමෙන්ම එම හමුවේදී කලාපීය සහ ගෝලීය වර්ධනයන් ද සාකච්ඡා කළ බවත් දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ ඉදිරිදර්ශන සහ මඟ පෙන්වීම ගැඹුරින් අගය කරන බවත් ඔහු පවසා තිබුණේය.