Latest News

ජපානයෙන් ගෙන්වන මුහුදු ආහාරවලට චීනයෙන් තහනමක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.

ජපාන අගමැති සිදුකළ ප්‍රකාශයක් මීට හේතුව බවයි වාර්තා වන්නේ.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමෙන් පසු බීජිං පරිපාලනය විසින් ජපානයෙන් ආනයනය කරන සමුද්‍රීය නිෂ්පාදනවලට සීමාවන් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ නමුත් එම තහනම සීමාවන්ට යටත්ව ඉවත්කිරීමට චීනය පසුගියදා කටයුතු කර තිබුණේය.

ජපානයේ ප්‍රධානම මුහුදු ආහාර අපනයනකරුවා වන්නේ චීනයයි.

චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බව ජපාන අගමැතිනිය ප්‍රකාශකර තිබුණේය.

එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසයි චීනය ජපානයට බලපෑම් කර ඇත්තේ.

කෙසේ නමුත් ජපානය පවසන්නේ තමන් සිය ස්ථාවරයේම සිටින බවයි.

අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයට විරෝධය පළකිරීමක් ලෙස චීනයේ විසින් සිය ජපාන තානාපතිවරයා යළි කැඳවීමට තීරණය කර තිබේ.

එමෙන්ම ජපානයේ සංචාරයේ කිරීමෙන් වළකින ලෙසයි චීනය සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ.

World News

Send your contact Details Today