පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ට ජීවිත කාලය පුරාවටම බලපාන පරිදි නව බලතල හිමිව තිබේ.
ඒ අනුව පාකිස්තාන පාර්ලිමේන්තුව එරට හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්ට නව බලතල සහ ජීවිත කාලය පුරාම අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් නිදහස් වීමේ මුක්තිය ලබා දීමට ඡන්දය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඉන් රට ඒකාධිපති පාලනයකට ගෙන යා හැකි බවයි විචාරකයෝ පවසන්නේ.
පසුගිය බ්‍රහස්පතින්දා අත්සන් කරන ලද 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඉහළම අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි ද සැලකිය යුතු වෙනස්කම් සිදු කරනු ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර මෙම සංශෝධනවලට පක්ෂපාතී පිරිස් පවසන්නේ ඒවා සන්නද්ධ හමුදාවන්ට පැහැදිලි බවක් සහ නිවැරදි පරිපාලන ව්‍යුහයක් සපයන අතරම, අධිකරණවල ඇති නඩු ප්‍රමාදය අඩු කිරීමට ද උපකාරී වන බවයි.