Latest News

ශ්‍රි ලංකන් ගුවන් සේවය තවත් සම්මානයකට පාත්‍රවෙයි

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම හා දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සඳහා වු සම්මානය ශ්‍රි ලංකන් ගුවන් සේවයට හිමිව තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සේවයට මෙම සම්මානය හිමිවුයේ 2026 ඇපෙක්ස් සම්මාන උළෙලේදියි.

එය ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ සම්මානයක්වන අතර ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර හා දේශිය විවිධාංගික ආහාර මෙනුවේ උසස් ගුණාත්මකභාවය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා තිබේ.

එමෙන්ම 2026 අපෙක්ස් සම්මාන උලෙළේ දී ශ්‍රි ලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස ශ්‍රේණිගත කර ඇති බවයි ශ්‍රි ලංකන් ගුවන් සේවය නිවේදනය කරන්නේ.

එය ගෝලිය ගුවන් සේවා ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ශ්‍රේණිගත කිරිමක් ලෙස සැළකේ.

මිලියනයකට අධික මගී ශ්‍රේණිගතකිරිම් මත පදනම්ව ඇපෙක්ස් සම්මාන ලබාදිම හා නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරිම් සිදුකරනු ලබන බව ශ්‍රි ලංකන් ගුවන් සේවය තවදුරටත් සඳහන් කරයි.

ලොවපුරා රටවල් 61 ක ගමනාන්ත 120 ක ශ්‍රි ලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් සිදුකරන අතර සිය නවීන ගුවන් යානා සමගින් ගුවන් ඇණිය යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපය, අග්නිදිග ආසියාව හා ඈතපෙරදිග හරහා ලොව ප්‍රධාන නගර ඉන් ආවරණය කෙරෙයි.

World News

Send your contact Details Today