Latest News

SL, PAK, ZIM T20: තරගාවලිය දසුන්ගේ නායකත්වයෙන් – තරග කාලසටහන මෙන්න

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය අද (18) රාව­ල්පි­න්ඩි­හිදී ආරම්භ වේ.

සත්කා­රක පාකි­ස්තා­නය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තර­ගා­ව­ලි­යට එක් වන අතර, තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් අද (18) පාකි­ස්තා­නය සහ සිම්බාබ්වේ පළමු තර­ග­යට එක් වෙයි.

මේ තර­ගා­ව­ලිය ඊයේ (17) ආරම්භ කිරී­මට කලින් සැල­සුම් කර තිබු­ණත් තර­ගා­ව­ලි­යට එක්වන කණ්ඩා­ය­ම්වල ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් මතුවූ තත්ත්ව­යක් හේතු­වෙන් තරග කාල­ස­ට­හන සංශෝ­ධ­නය කිරී­මට පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය කට­යුතු කළේය.

මේ තර­ගා­ව­ලි­යේදී සල්මන් අගා පාකි­ස්තා­නය පිල මෙහෙ­ය­වන අතර, සික­න්දර් රාසා සිම්බාබ්වේ පිලේ නාය­කයා ලෙස කට­යුතු කරයි.

ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හිව අනිද්දා (20) මේ තර­ගා­ව­ලියේ පළමු තර­ග­යට එක් වන අතර, 22 වැනිදා පාකි­ස්තා­න­යට එරෙ­හිව, 25 වැනිදා සිම්බා­බ්වේට එරෙ­හිව සහ 27 වැනිදා පාකි­ස්තා­න­යට එරෙ­හිව මූලික වටයේ තර­ග­ව­ලට එක් වේ.

තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය මේ 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරග කාල­ස­ට­හන,

18දා : පාකි­ස්තා­නය – සිම්බාබ්වේ

20දා : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ

22දා : ශ්‍රී ලංකාව – පාකි­ස්තා­නය

23දා : පාකි­ස්තා­නය – සිම්බාබ්වේ

25දා : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ

27දා : ශ්‍රී ලංකාව – පාකි­ස්තා­නය

29දා : අව­සන් මහ තර­ගය

මේ අතර T20I ත්‍රිත්ව තරගාවලියට නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔවුන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මේ තීරණය ගෙන ඇති බවයි සඳහන්.

එම ක්‍රීඩකයින් දෙදෙනා පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මේ අතර දසුන් ශානක කණ්ඩායමේ නායකත්වය දරන අතර, ඔවුන් දෙදෙනා වෙනුවට පවන් රත්නායක කණ්ඩායමට එක් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

World News

Send your contact Details Today