ජපානයේ මූල්‍ය සේවා ඒජන්සිය (FSA) විසින් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් නව රෙගුලාසි හඳුන්වා දීමට සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට පුවත් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය ඒ බව සඳහන් කරන්නේ මෙම රෙගුලාසි මගින් ක්‍රිප්ටෝ මුදල් අභ්‍යන්තර වෙළෙඳ නීතිවලට යටත් වන මූල්‍ය නිෂ්පාදන ලෙස අර්ථ දැක්වෙනු ඇති බවයි.
මෙම රෙගුලාසි බිට්කොයින් (Bitcoin) සහ එතීරියම් (Ethereum) වැනි ජපානයේ දැනට භාවිතයේ ඇති ක්‍රිප්ටෝ මුදල් වර්ග 105කට අදාළ වනු ඇති.
මේ සමඟම හුවමාරු සේවා සපයන්නන්ට මිල උච්චාවචනය වීමේ අවදානම වැනි තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය වනු ඇති බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.
නව රෙගුලාසි යටතේ, බැංකු සහ රක්ෂණ සමාගම්වලට තම සුරැකුම්පත් අනුබද්ධ ආයතන හරහා තැන්පත්කරුවන්ට සහ රක්ෂණ හිමියන්ට ක්‍රිප්ටෝ මුදල් විකිණීමට අවසර ලැබෙනු ඇති.
වර්තමානයේ 55% දක්වා වන ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු වලින් උපයන ලාභ මත අය කරන බද්ද, නව රෙගුලාසි යටතේ 20% ක බදු අනුපාතයකට යටත් කිරීමට නියමිත බව සඳහන්. මෙය කොටස් වෙළෙඳාමට සමාන අනුපාතයක් බවයි වාර්තා වන්නේ.
ජපානයේ මූල්‍ය සේවා ඒජන්සිය විසින් මෙම යෝජනා ලබන වසරේ පාර්ලිමේන්තු සැසිවාරයේදී අවශ්‍ය නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.