සංචාරක ශ්‍රී ලංකා – පාකිස්ථාන අවසන් එක්දින තරගයේත් ජය හිමිකර ගැනීමට සත්කාරක පාකිස්ථානය ඊයේ (16) සමත් විය.
ඒ අනුව තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
රාවල්පින්ඩිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 211යි.
පිළිතුරු ඉනිම වූ ලකුණු 212ක ඉලක්කය හඹා ගිය පාකිස්ථානය පන්දුවාර 44.4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කරගත්තේය
ඒ අනුව පාකිස්ථානය කඩුළු 06කින් ශ්‍රී ලංකාව පරාජය කරනු ලැබුවේය.
එහිදී පන්දුවට පහරදුන් ෆකාර් සමාන් ලකුණු 55ක්ද, බාබර් අසාම් ලකුණු 34ක්ද, මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 61ක්ද, හුසේන් තලාත් නොදැවී ලකුණු 42ක්ද රැස් කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ජෙෆ්‍රි වැන්ඩසේ කඩුළු 03ක්ද, මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක්ද දවා ගත්තේය.