පසුගිය සතියේ දිල්ලි නුවර සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, බෝම්බකරුගේ සහයකයා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පිපිරීමට භාවිතා කළ මෝටර් රථය ඔහුගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පවසන්නේ.
බෝම්බකරු සමඟ කුමන්ත්‍රණය කළ බව කියන සැකකරු ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පදිංචිකරුවෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.