Latest News

ජෝන් සීනා වෘත්තීය මල්ලවපොර දිවියට සමුදීමේ සූදානමක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

WWE මල්ලවපොර පිටියේ සුපිරි තරුවක් වන ජෝන් සීනා මේ වනවිට සිය වෘත්තීය මල්ලවපොර දිවියට සමුදීමේ සූදානමකින් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, එලඹෙන දෙසැම්බර් 13වැනිදා ඔහු තම අවසන් තරගයට මුහුණ දෙන බවයි සඳහන් වන්නේ.

WWE මල්ලවපොර පිටියේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම ක්‍රීඩකයා ලෙස ඔහුව හැදින්විය හැකියි.

ඔහුගේ සාර්ථකත්වය නිසාම ඔහුට greatest of all time යන අනුවර්ථ නාමයද ලැබී තිබේ.

ඔහු අවස්ථාවන් 17කදී ලෝක ශූරතාවය ජයග්‍රහණය කර වාර්තාවක් පිහිටා තිබෙන අතර, එය සැළකෙන්නේ WWE මල්ලවපොර පිටියේ ක්‍රීඩකයෙකු විසින් ලෝක ශූරතාවය වැඩිම වරක් ජයගත් අවස්ථාව ලෙසයි.

එමෙන්ම ඔහු WWE මල්ලවපොර පිටියේ grand slam champion කෙනෙක් ලෙසත් ඉතිහාස ගත වී තිබෙනවා.

ඒ අනුව ඔහු, 17 වතාවක් WWE ලෝක ශූරයා, පස් වතාවක් United States ශූරයා, සිව් වතාවක් tag team ශූරයා, දෙවරක් Royal Rumble ජයග්‍රාහකයා සහ 2012 දී Money in the Bank ජයග්‍රාහකයා සහ අවසන් වරට පසුගියදා Intercontinental ශූරයා ලෙස කිරුළු පැළඳ තිබේ.

වාර්තාවන ආකරය අනුව, මේ සුපිරි මල්ලොවපොර ක්‍රීඩකයාගේ අවසන් ප්‍රතිවාදියා තෝරා ගැනීම සඳහා “Last Time is Now” Tournament නමින් වෙනම තරගාවලියක් WWE මඟින් මේ වනවිට පවත්වාගෙන යයි.

ඒ අනුව ඔහු දෙසැම්බර් 13වැනිදා සිය අවසන් තරගය ක්‍රීඩා කර වෘත්තීය මල්ලවපොර දිවියට සමුදීමට සූදානම් බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today