Latest News

ඉතාලි යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු AI සමඟ කරන දෙයක් ගැන අනාවරණයක්

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලි යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු, එනම් 41.8% ක් දුක, තනිකම හෝ කාංසාව වැනි අවස්ථාවන්හිදී උපකාර සඳහා AI වෙත යොමු වී තිබෙන බව අනාවරණය වී තිබේ.

ඒ සේව් ද චිල්ඩ්‍රන් ඉතාලියා විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුවයි

පසුගිය වසර තුළ ඉතාලි යෞවනයන්ගෙන් අඩක් පමණක් ප්‍රදර්ශනයකට හෝ කෞතුකාගාරයකට ගොස් ඇති බවත්, පහෙන් එකක් පමණ ශාරීරික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත් වාර්තාව වැඩිදුරටත් පැවසීය.

46% කට වඩා පොත් කියවන්නේ නැති බව එහි සඳහන් විය.

මානසික ගැටළු හේතුවෙන් 9% ක් හුදකලා වීමට තීරණය කර ඇති අතර 12% ක් බෙහෙත් වට්ටෝරුවකින් තොරව මනෝචිකිත්සක ඖෂධ භාවිතා කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

World News

Send your contact Details Today