බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නව Self-Check-In Service දියත් කර තිබේ.
මෙම පියවර ශීත සංචාරක සමයට පෙර ගුවන්තොටුපළ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් SriLankan Airlines’ Airport and Ground Services විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දෙසැම්බර් මාසයේදී පමණක් 300,000ට වැඩි සංචාරකයින් පැමිණෙනු ඇති බව අපේක්ෂා කරන අතර නව සේවාව සමඟ Self-Check-In Service tellers 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2023 සිට ස්වයං-පරීක්ෂා සේවාවට ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බව ගුවන් සමාගම පවසයි
දැනට15%ක් පමණ ශ්‍රී ලාංකික පිරිසක් මේ සේවාව භාවිතා කරන අතර එය තදබදය අඩු කිරීමට විශාල දායක වන බවයි පවසන්නේ.
මගීන්ට ආසන තේරීම, බෝඩිං පත් මුද්‍රණය සහ බෑග් ටැග් ලබා ගැනීම කියෝස්ක් මගින් සිදු කළ හැකි වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ භූමිකාව පිළිබඳව දීපාල් පල්ලේගංගොඩ සිය සතුට ප්‍රකාශ කර තිබේ.
පාරිභෝගික ගුවන් සේවාවන්ගෙන් 60% කට මේ පහසුකම ලබා දීමට හැකිවීම විශාල පියවරක් බව ඔහු වැඩිදුරටත් පවසයි.
කොළඹින් මාසිකව ගුවන්ගත වන 300,000කට වැඩි මගීන්ට බාධාවකින් තොරව සේවාවක් ලබා දීම තම අරමුණ බව ද සදහන් කළේය.
එසේම සිංගප්පූරු ගුවන් සේවය මේ පහසුකම භාවිතා කරන පළමු විදේශීය ගුවන් සමාගම බවට පත්වී තිබේ.
තවත් විදේශීය ගුවන් සමාගම් ද ඉක්මනින්ම එකතු වනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.